ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අගමැති සහ සභාපතිනි සෝනියා ගාන්ධි අතර සාකච්ඡාවක්

    නොවැම්බර් 24, 2017

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය අතර සාකච්ඡා ඊයේ (23) පස්වරුවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී පැවැත්විණි.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාවට බලපාන ද්විපාර්ශවික කරුණු මෙන්ම කලාපීය දේශපාලන හා සමාජීය ප්‍රවණතාවන් පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

    හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, කොන්ග්‍රස් පක්‍ෂ නියෝජ්‍ය සභාපති රහුල් ගාන්ධි සහ හිටපු අමාත්‍ය ආනන්ද ෂර්මා කොන්ග්‍රස් පක්‍ෂය වෙනුවෙන් මේ සාකච්ඡාවට එක්වූ අතර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya