ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නාය යන ස්ථාන සිතියම්ගත කෙරේ - ආපදා වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් ලබා දුන්නා

    නොවැම්බර් 28, 2017

    රටේ ආපදා වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් ලබාදී තිබෙන බවත් එමඟින් දුකට පත් වූ විශාල පිරිසකට සහන ලබාදීමට හැකි වූ බව ආපදා කළමනකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, ආපදා කළමනකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    2016 වසරට සාපේක්ෂව 2017 දී ප්‍රධාන ව්‍යවසන තුනකට මුහුණ දුන්නා. මේ සඳහා පමණක් රටට වූ අලාභය රුපියල් මිලියන 70,000ක් ලෙස තක්සේරු කර තිබෙනවා. රජය පැහැදිලෛ වැඩපිළිවෙලක් යටතේ වන්දි ලබාදිම පමණක් නොවේ, නිවාස තනාදීමටත් මුදල් ලබාදුන්නා. මෙලෙස ලබාදුන්නේ ලංකාවේ ප්‍රථමවරටයි.

    වැඩකටයුතු රැසක් කළා. කසළ බැහැර කිරීමට වාහන මිලදී ගනීමට රුපියල් ලක්ෂ 1000ක මුදලක් ලබාදුන්නා.කඩිනම් ආපදා මෙහෙයුම් සඳහා ප්‍රතිපාදන ලබාදී තිබෙනවා .ආපදවන්ට මුහුණ දීමට දිස්ත්‍රික්ක 25ක සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. නිවාස 15,000ක් හැදීමට බලාපොරොත්තු වෙනවා.මෙය මහ දැවැන්ත වෙනසක් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට ලබදී තිබෙනවා. රුපියල් ලක්ෂ 13326ක මුදලක් ආපදාවට ලක් වූ ජනතාවගේ අවශ්‍යතාවන්ට ලබාදී තිබෙනවා. ආපදා තක්සේරුව පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් සොයා බලනවා.

    2017 ගංවතුර නාය යෑම් හේතුවෙන් අවශ්‍ය කටයුතු සඳහා රුපියල් 4957 ක ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබාදී තිබෙනවා. ජල ටැංකි 6360ක් රජය මඟින් ලබාදී තිබෙනවා. නියඟය පීඩනයට පත් වූ පවුල් වෙනුවෙන් වියළි සළාකය පවුල් 7,22000කට ලබාදී තිබෙනවා. මීතොට මුල්ල 31 ජීවිත සඳහා ලක්ෂ 310ක් ලබාදී තිබෙනවා.නව නිවාස ඉදිකිරීමට ලක්ෂ 3920ක් ලබාදී තිබෙනවා.කෑගල්ල
    ප්‍රදේශයේ තවත් නිවස 650ක් ඉදිවෙමින් තියෙනවා.යටිතල පහසුකම් වෙනුවෙන් ලක්ෂ 2070ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

    විශාල මුදලක් රටේ ආපදා වෙනුවෙන් රජය ලබාදී තිබෙනවා. දුකට පත් වූ විශාල පිරිසකට සහන ලබාදීමට හැකි වුණා. කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නවීකරණය කරන්න කටයුතු කරනවා.වැසි ජල මාපක සවි කරන්න කටයුතු කරනවා. ඩොප්ලර් යන්ත්‍ර දෙකක් පුත්තලම හා පොතුවිල් යන ප්‍රදේශවල සවි කරනවා. නාය යන ස්ථාන සිතියම්ගත කිරීම සිදු කරගෙන යනවා. දැනුවත් ගත කිරීම සිදු කරගෙන යනවා යැයි ද අමාත්‍යවරය පැවසී
    ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya