ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් ජාත්‍යන්තර වෙළඳපොළට - මුදල් රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 29, 2017

    ග්‍රාමීය මූල්‍ය සහන ලබාදි තිබෙන බවත් කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මෙසේ පැවසී ය.

    දේශපලණික වෙනසක් ඇති කර තිබෙනව. නිදහස ආර්ථික නිදහසකට පරිවර්ථනය කරන්න ඕන. රජය තුළ යැපෙන සමාජයක් හැදීම හොඳ දෙයක් නොවෙයි.

    හැම පුරවැසියෙක් ම අභිමානයෙන් ජීවත්විය යුතුයි. එදා ලැයිස්තුවෙන් රැකියාවට පත් කළා. හැකියාවට රැකියාවක් ලබාදිය යුතුයි. අධ්‍යාපනයට මුදල් ක්‍රමයෙන් වැඩි කළ යුතුයි.ගුණවත් අධ්‍යාපනයක් සෑම සිසුවෙකුටම
    ලබාදිය යුතුයි. කෝටි 50 ව්‍යාපාර ආරෂණයට යොද තිබෙනවා. කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 2000ක් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. කාන්තා ව්‍යවසායකත්වයට කටයුතු කර
    තිබෙනවා. අපි මේ දේවල් කළේ, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමටයි.

    යුද්ධය අවසන් වුණාම නාගරික ප්‍රදේශවල වටරවුල් හැදුවා. රට තුළ සිටිමින්,පවුල අරක්ෂා කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. ලක්ෂ තුනකට වඩා අලුත් රැකියා උත්පාදනය වී තිබෙනවා. ඊළඟ මැතිවරණයට පෙර රැකියා
    50,000ක් ලබාදිය හැකියි.රැකියා 50,000ක් ලබාදෙන්න පුළුවන්. මේ රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම බදු හරහා ගෙවනවා. ග්‍රාමීය මූල්‍ය සහන අපි ලබාදි තිබෙනවා. අධ්‍යාපනයට මුදල් ලබාදී තිබෙනවා යැයි ද රාජ්‍ය
    අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya