ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගුරු සහායකයින් පුහුණු ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීමට පියවර ගෙන තිබෙනවා

    නොවැම්බර් 30, 2017

    2015 දී බඳවා ගත් ගුරු සහායකයින් පුහුණු ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ගුරු සහායකයින් සම්බන්ධයෙන් මතු ව ඇති ප්‍රශ්නය විමසමින් ස්ථාවර නියෝග 23(2) යටතේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ
    කළේ ය.

    ගුරු සහායක පත්වීම් ලබාදී බඳවා ගන්නා අවස්ථාවේ දී 6000ක දීමනාව ප්‍රමණවත් නොවූ නිසා 2017- 2-1 රුපියල් 10,000ක් දක්වා වැඩි කර දීමට පියවර ගෙන බෙනවා.දීමනාව වැඩිකරමින් ඔවුන්ගේ ගෞරවය ඉහළ
    නැංවීමට කටයුතු කර ඇත. 2017 පුහුණු ගුරු සහතික ලබාගත් ගුරුවරු 3 (1) ගුරු සේවයට අන්ත්‍රග්‍රහනය කර ඇත. ගුරුපුහුණු
    වලංගු වන පරුදි 3 (1) ශ්‍රේණියට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.ඒ අනුව 2017 වසරේ පුහුණු ගුරු සේවයට සිංහල මාධ්‍යයෙන් 1013ක් ද දෙමළ මාධ්‍යයෙන් 24ක් ද බඳවා ගනු ලැබීය.2018 වසරේ සිංහල මාධ්‍යයෙන්
    589ක් ද දෙමළ මාධ්‍යයෙන් 1605ක් ද වසර 2019 දී සිංහල මාධ්‍යයෙන් 164ක් ද දෙමළ මාධ්‍යයෙන් 744ක්ද පුහුණු ගුරුවරු ලෙස ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya