ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතනවල අඩුපාඩු අවම කරගැනීම බලාපොරොත්තුවයි- රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

    දෙසැම්බර් 08, 2017

    රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සිව්වැනි වාර්තාව අද (8) පාර්ලිමේන්තුවටඉදිරිපත් කළේ ය.

    රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    පාර්ලිමේන්තුවට හිමි වගකීම කාරක සභාව තුළින් සාර්ථකව ඉටු කරගැනීමට හැකි වීම ගැන සතුටු වෙනවා.ආයතන 36ක වාර්තාව ඇතුළත් කරන්නේ. නවීන තාක්ෂණය භාවිතා කරලා ආයතන 832ක වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වාර්තාවේ දී බලාපොරොත්තු වෙන්නේ,ආයතන වල අඩුපඩු අවම කරගැනීමයි. එය හොඳ කරුණ ලෙසයි, අවබෝධ කරගෙන තිබෙන්නේ.

    ගිණුම් කාරක සභාවේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අඩුපඩු සකස් කරගැනීමට හැකි වී තිබෙනවා.රාජ්‍ය ආයතන 832 වාර්තා ඊළඟ වර්ෂයේ ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කරලා, ඉදිරි පියවර ගැන තීන්දි තීරණ ගත යුතුයි. ගිණුම් කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කර තිබුණත් ඒ පිළිබඳව ඉදිරි පියවර තවමත් සාකච්ඡා කර නෑ. ඉදිරි දිනවලදී මෙම වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර ඉදිරි පියවර ගැන අනුමැතිය ලබාදෙන්න යැයි ද අමාත්‍යවරයා වාර්තාව සභාවට ඉදිරිපත් කරමින් පැවසී ය.

    මේ පිළිබඳව අවධානය යොමු කරනවා. පක්ෂ නායකවරුන්ගේ අවධානය යොමු වේ යැයි සිතනවා. ඉදිරියේ දී මේ පිළිබඳව අධ්‍යනය කරනවා යැයි ද කතානායක කරූ ජයසූරිය මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- අනිවාර්යෙන් විවදයක් කරන සම්ප්‍රදායක් ඇති කරන්න. පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කරන්න.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya