ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට වරාය ආයෝජනයෙන් රටට යහපතක් මිස අයහපතක් සිදු නොවේ

    දෙසැම්බර් 08, 2017

    හම්බන්තොට වරාය ආයෝජනය වැනි සුවිශේෂී ආයෝජන හරහා රටට විශාල යහපතක් මිස අයහපතක් සිදු නොවන බවත් මෙම ආයෝජනය සෘජු විදේශ ආයෝජනයක් බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කැබිනට් පත්‍රිකාවක් තිබුණා. යෝජනාව විවාදයට ගෙන ඒම වැළැක්වූවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12 ආයෝජනය,විදේශ සෘජු ආයෝජනයක්. දකුණු ආසියාවේ හැම රටක්ම මෙවැනි ආයෝජන ගේන්න හදනවා. බදු
    සහන ලබාදී තිබෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කරපු නිසයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් තවත් ආයෝජන එනවා.සමහර අයගේ න්‍යාය වෙනස්. මෙවැනි සුවිශේෂී සෘජු විදේශ ආයෝජන හරහා රටට විශාල
    යහපතක් මිස අයහපතක් සිදු වෙන්නේ නෑ. චීනය සමඟ විශ්වාසය උපරිම ලෙස තිබෙනවා. චීනය සමඟ සාකච්ඡා කරලා,ඇමෙරිකානු ඩොලර් 300ක චෙක් පතක් අග්‍රාමාත්‍යතුමාට දෙන්න කටයුතු කරනවා. විශ්වාසය උපරිමයෙන් තියෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya