දියතලාව යුද හමුදා විද්‍යාපිඨය වෙත ගිය ජනාධිපතිවරයා එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රීයන්ත සේනාරත්න මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මෙහිදී කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 191 දෙනෙකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි නිල ලබා යුද හමුදා සේවයට එක්වනු ඇත.
පුහුණු කාලය තුළ විශිෂ්ඨ දක්ෂතා පෙන්වූ නිලධාරීන් සිව් දෙනෙකු වෙත සංකේතාත්මකව අසිපත් ප්‍රදානය කළ ජනාධිපතිවරයා, ඔවුන් දෙවන ලුතිනන් නිලයේ පිහිටුවමින් උරහිස් ලාංඡන පැළැදවීම ද සිදුකළේය.
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති මහේෂ් සේනානායක, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහත්වරුන් ඇතුළු යුද හමුදා නිලධාරීන් රැසක් එක්වූහ.



















