ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

    ජනවාරි 03, 2018

    බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ඊයේ  (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙන ලදී.

    පිටු 1135කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයින් වන විකුම් කළුආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග, පී.ඒ. පේ‍්‍රමතිලක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya