ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව ජනවාරි 10 රැස්වෙයි

    ජනවාරි 08, 2018

    පාර්ලිමේන්තුව ජනවාරි 10 දින පෙ.ව. 10.30ට රැස්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 14 යටතේ කරන ලද ඉල්ලීමකට අනුව මෙම විශේෂ රැස්වීම සිදුවන බව ද නියෝජ්‍ය මහලේකම්වරයා පැවසීය. ඒ අනුව ජනවාරි 10 දින පෙ.ව 10.30 පාර්ලිමේන්තුව රැස්වෙයි.

    තවද හෙට (9) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙන බවත් එහි දී දහවැනි දින (10) රැස්වීමේ කටයුතු සාකච්ඡා කෙරෙණු ඇති බවත් නියෝජ්‍ය මහලේකම්වරයා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya