ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2018 පාපන්දු ලෝක කුසලානය ජනපතිට

    ජනවාරි 24, 2018
    ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ(23) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය අද (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.
     
    ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54ක මහජන ප‍්‍රදර්ශනය සඳහා රැගෙන යන චාරිකාව් ප‍්‍රථම ගමනාන්තය ලෙස කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන එම විශේෂත්වයක් වන අතර මෙලෙස පාපන්දු ලෝක ශූරතාවයක කුසලානයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.
    ශ්‍රී ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.
     
    ඒ අනුව ඊයේ දිනයේදී විශේෂ ගුවන් යානයකින් කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩාලෝලීන්ට පාපන්දු ලෝක කුසලානය සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරමින් අද දිනයේ දී පාපන්දු කුසලානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මහජන ප‍්‍රදර්ශනය සඳහා තැබෙනු ඇත.
     
    අද පෙරවරුවේ කුසලානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාවට ක්‍රී අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම 1998 වසරේ ලෝක කුසලානය දිනු ප‍්‍රංශ පාපන්දු කණ්ඩාමේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya