ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රට කැඩීමට හෝ බෙදීමට කිසිවිට සූදානමක් නෑ- ජනපති

    පෙබරවාරි 02, 2018

    රට කැඩීමට සහ බෙදීමට කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා නැගුව ද රට කැඩී මට හෝ බෙදීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති අතර, ඊට කිසිවෙකුට ඉඩ නොතබන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (01) පෙරවරුවේ පොළොන්නරුව, සෙවණපිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

    ජනහමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, බොරු ප‍්‍රචාරවලට සහ අවස්ථාවදී දේශපාලන උපක‍්‍රමවලට අද මේ රටේ ජනතාව හසුනොවන අතර, රට ගමන් කරන දිසාව පිළිබඳ ජනතාව අවදියෙන් කටයුතු කරන බවයි.

    අද රටට අවශ්‍ය රජෙක් පාලනය කරන ඒකාධිපති පාලනයක් නොව ජනතාව විසින් රට පාලනය කරන ක‍්‍රමයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම දේශපාලන මෙන්ම සමාජ පරිවර්තනය රට තුළ ඇති කිරීමට ඉකුත් වසර 03 තුළ තමන් කැපවූ බව සඳහන් කළේය.

    අද දූෂිත දේශපාලනඥයින් එකම කණ්ඩායමක් ලෙස සන්ධානගතවෙමින් සිටින අතර මෙම වැඩපිළිවෙළ ජනතාව අවබෝධකරගත යුතු බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන් බොහෝ දෙනා බලය ඉල්ලන්නේ ජනතාවට සේවය කිරීමට හෝ රට සංවර්ධනයට කිරීමට නොව තම පුද්ගලික සංවර්ධනය උදෙසා බව ද කියා සිටියේය.

    වංචා දූෂණ සිදුකරමින් ජනතාවගේ මුදල් කොල්ලකන සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් රාජ්‍ය සම්පත් විනාශ කරන දේශපාලනඥයින්ට එරෙහිව පසුගිය යුගයේ සිටි නායකයින් පියවර නොගත්තා මෙන්ම ඒ පිළිබඳ කථා කිරීමටවත් අකමැතිවීම හේතුවෙන් පසුගිය යුගයේ රට තුළ වංචා දූෂණ වැඩිවූ බව ද කියා සිටියේය.

    වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී පක්ෂ, පාට, තනතුරු, ඥාති මිත‍්‍රකම් කිසිවක් නොසලකන අතර අද රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී ද තම සහෝදරයන්ට ද එය කි‍්‍රයාත්මක වන්නේ එක ලෙස බව තමා මේ වන විට පෙන්වා තිබෙන බව ජනධිපතිවරයා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya