ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මීතොටමුල්ල කසළ කන්දට අදාළව පත්කෙරුණු ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

    පෙබරවාරි 07, 2018

    කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබද සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව  ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    කමිටුවේ සභාපති විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, කමිටු ලේකම් ඩී.එම්. කරුණාරත්න, නීති නිලධාරී පාලිත අබේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     මීතොටමුල්ල කසළ බැහැර කිරීම පිළිබද කෙටිකාලීන සහ දිගුකාලීන නිර්දේශ  කමිටු වාර්තාව තුළ ඉදිරිපත් කර තිඛෙන අතර  බස්නාහිර පළාත තුළ කසළ බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය සදහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

    එමෙන්ම කසළ දාහක ඉදිකිරීමේ වැදගත්කම පිිළිබදව ද කරුණු සදහන් කර තිඛෙන අතර මෙම කමිටු වාර්තාවට අනුව අදාළ නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරියේදී අදාළ අමාත්‍යාංශ හා ආයතන වෙත උපදෙස් ලබාදෙන බව ජනාධිපතිතුමා පැවසීය. 

    කොළොන්නාව, මීතොටමුල්ල කසළ  බැහැරකිරීමේ කටයුතු සදහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.

    කොළඹ මහ නගර සභාව විසින් 2014 වසරේ ඒ සදහා සිදුකළ වියදම රුපියල් මිලියන 64 ක් වන අතර 2015 වර්ෂයේ රුපියල් මිලියන 182 ක් ලෙස ද, 2016 වර්ෂයේ රුපියල් මිලියන 232 ක් ලෙස ද එම ගෙවීම් වර්ධනය වී තිඛෙන බව ද අනාවරණය කරයි.

     එමෙන්ම ආරම්භයේ සිටම මෙම කසළ ඉවත් කිරීම පිළිබද කොළඹ මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම සහ විසදුම් ලෙස ඉදිරිපත්කරන ලද යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම ද මෙම ඛේදවාචකයට හේතු වූ බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

     

    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya