ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනතාව වෙනුවෙන් ගෙනයන සංවර්ධන වැඩපිළිවෙල අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන්න

    පෙබරවාරි 19, 2018

    රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙලේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දෙයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක්පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.


    මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන පසුබිම සමග ඇතැම් අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි සිදුනොවන බවට ලැබී ඇතිතොරතුරු පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, රටේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ
    රජයේ ප‍්‍රතිපත්තිය කිසිසේත් වෙනස් නොවන බවයි.

    මැතිවරණයකින් අනතුරුව දේශපාලන ක්ෂේත‍්‍රයේ විවිධ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය කරුණක් වන අතර එම  දේශපාලන තත්ත්වයන් නොසළකා ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙල රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව නිසි  ඉලක්කයන් වෙත සාර්ථකව මෙහෙයවීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බවද ජනාධිපතිතුමා කියා සිටියේය. එම වැඩපිළිවෙල ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ දී ආයතනික වශයෙන් මතුවන ගැටලූ නිරාකරණය කර ගැනීමේ  අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරි සංවර්ධන සැලසුම් සහ මෙතෙක් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙලේ ප‍්‍රගතිය පිළිබඳව සමාලෝචනය කරමින් එම කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.

    දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම් සහ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ කාලසටහන් මේ වන විටත්  යොමු කර තිබෙන අතර අදාළ අමාත්‍යවරුන් දැනුවත් කර මෙම මාසය තුළ එම රැස්වීම පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාත්මකවන වැඩපිළිවෙල පිළිබඳ සොයා බැලීමට තමන් ඉදිරියේදී සෑම අමාත්‍යාංශයක් වෙතම පැමිණීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ඉදිරි නියං තත්ත්වයට මුහුණදෙමින් කාලගුණික සහ දේශගුණික වෙනස්කම් සමග කෘෂි ක්ෂේත‍්‍රයේ සහ ආහාර  නිෂ්පාදන වැඩපිළිවෙල තුළ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ මෙරට විශ්වවිද්‍යාලවල සිටින භූ විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් ඇතුළු අදාළ ප‍්‍රවීනයින් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. පොල් මිල සම්බන්ධව පවතින ගැටලූව පිළිබඳව ද අවධානය යොමු කෙරුණු  අතර පොල් ඉඩම් කැබලි කිරීම සහ ඉඩම් කැබලි කිරීමේ පනතට අදාළ නීති උල්ලංඝණය කරන පිරිස්වලට එරෙහිව  කි‍්‍රයාකාරීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.


    පොල් වගාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සුළු පරිමාණ ගොවින්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක් පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. තවද දැනට පොල් වගා නොකරන ප‍්‍රදේශවල පොල්වගාව ප‍්‍රචලිත
    කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේ ය. 

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

     ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya