ඊයේ (25) දහවල් කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග‍්‍රන්ථයේ ශෝක සටහනක් තබමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ දැක්ම පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව ශ‍්‍රී ලංකාව තුළ කටයුතු කළ දක්ෂ වෘත්තීයවේදිනියක් වන ඌනා මැකෝලි මහත්මියගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.
අනතුරුව ඌනා මැකෝලි මහත්මියගේ මව ඇතුළු පවුලේ ඥාතීන් වෙතත්, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා කාර්ය මණ්ඩලය වෙතත් සිය බලවත් සංවේගය පළ කළේය.



















