ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තම තුරුළට වී සුරතල් බස් දෙඩවු පුංචි දියණිය බැලීමට ජනපති ඇගේ නිවසට ....

    මාර්තු 02, 2018
    පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබිණි. 
    ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි වූ අතර, සිය දෙමාපියන් සමග මැදිරිගිරිය, අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටී.
    ඊයේ (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිතුමා මෙම සුරතල් දියණියගේ  නිවසට ද ගොඩවැදී ඇගේ සුවදුක් විමසීමට  අමතක නොකළ අතර, ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරත විය.
    දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිතුමා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ දෙමව්පියන් පවසයි.
    පසුගියදා ජනාධිපතිතුමා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිතුමා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමග එම ස්ථානයට ගිය ද වේදිකාව අසළට යාමට ඔවුන්ට හැකියාවක් නොලැබිණි.
    එහෙත් එකවර සෙනග අතරින් ජනාධිපතිතුමා වෙත දිව ආ දැරිය ආරක්ෂක නිලධාරින් විසින් නතර කිරීමට තැත් කළ ද, ජනාධිපතිතුමා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සැළැස්වීය. 
    මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දෙඩවූ දැරිය එම උත්සවය අවසන්වන තුරුම ජනාධිපතිතුමා අසළට වී සිටිනු දක්නට ලැබුණි.
    එම මතකයත් සමග ඊයේ දින එම දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිතුමා ඇයගේ සුවදුක් විමසූ අතර, එම නිවසේ තිබූ ජනාධිපතිතුමා සහ මෙම පුංචි දියණියගේ හමුවීම පිළිබද පළකෙරුණු පුවත් පත් වාර්තා කිහිපයක් මෙන්ම තම ඡායාරූප කිහිපයක් ද එහිදී ජනාධිපතිතුමාගේ නෙත ගැටිණි.
    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya