ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයන් කතානායක හමුවෙයි

    මාර්තු 07, 2018

    අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් එම කාර්යාලයේ වර්තමාන ක්‍රියාකාරීත්වය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ පැහැදිලි කර අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් අද (7) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමු වූහ.

    මෙම හමුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසින් 2016 අංක 14 දරණ පනත මගින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා විශාල වගකීමක් සහ යුතුකමක් දරා සිටින ව්‍යවස්ථාපිත ආයතනයක් බවයි. 

    අතුරුදන් වූ තම සමීපතමයන් පිලිබඳ වේදනා විදිමින් තව දුරටත් අපේක්ෂාවෙන් සිටින පවුල් වෙනුවෙන් අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලයේ ප්‍රධානතම වගකීම සත්‍යය සෙවීම බව කථානායකවරයා සඳහන් කළේය.

    ජාති ආගම් දේශපාලන භේදවලින් තොරව වැදගත් ජාතික යුග මෙහෙවරක් වෙනුවෙන් කැප වන අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලයට ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව තොරතුරු දැන ගැනීමේ  කොමිෂන් සභාව වැනි ආයතනවලට සමගාමීව නෛතික ස්වීයත්වයක් හිමිවනු ඇති බව ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

    අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් වහාම සැලසිය යුතුව ඇති බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා සඳහන් කළේ ඒ පිලිබඳව කඩිනමින් කටයුතු කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට සහ මහා භාණ්ඩාගාරයට කඩිනම් උපදෙස් දෙන බවය .

    මිනිස් හැඟීම්වලට ගරු කරමින් සමාජයේ සැම දෙනෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ලබා දීමටත් යුක්තිය සාධාරණය ඉටු කරවා ගැනීමටත් සහාය වීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලයට හැකි වනු ඇති බවට කථානායක කරු ජයසූරිය මහතා විශ්වාසය පළ කළේය. 

    මෙම හමුව සදහා සහභාගී වූවන්ගේ ලේඛණය සහ අතුරුදන් වූවන් පිලිබද කාර්යාලය සදහා සාමාජිකයන් පත් කිරීමේ ක්‍රියාවලියට අදාළ ලේඛණයක් පහත දක්වා ඇත.  

    1. Hon. Karu Jayasuriya, Chairman, Constitutional Council
    2. Hon. R. Sampanthan, Leader of the Opposition in Parliament, Member, Constitutional Council
    3. Hon. W.D.J. Senewiratne, Member, Constitutional Council
    4. Dr. A.T Ariyaratne, Member, Constitutional Council
    5. Mr. Shibly Aziz, PC, Member, Constitutional Council
    6. Dr (Ms.) Radhika Coomaraswamy, Member, Constitutional Council
    7. Mr. Saliya K. M. Pieris, PC, Chairman, OMP
    8. Dr. Sriyani Nimalka Fernando, Member, OMP
    9. Mr. Mirak Raheem, Member, OMP
    10. Mr. Kanapathipillai Venthan, Member, OMP
    11. Major General Mohanti Antonette Maltidevi Pieris (Retd), Member, OMP
    12. Mrs. Punniyamoorthy Jeyatheepa, Member , OMP
    13. Mr. S. K. Liyanage, Member, OMP
    14. Ms Chandima Wickramasinghe, Senior Assistant Secretary, Presidential Secretariat
    15. Mr Ibrahim Ansar, Advisor, UN & Intl affairs Coordinating unit, SCRM
    16. Mr Tharaka Hettiarachchi, Director, UN & Intl affairs Coordinating unit, SCRM
    17. Mr. V. Sivagnanasothy, Secretary, Ministry of National Integration & Reconciliation
    18. Mr J. J. Ratnasiri, Secretary, Ministry of Public Administration & Management 
    19. Ms. Nalani Amaratunga, Director, Department of National Budget, Ministry of Finance
    20. Mr. H G Sumanasinghe, Director General, Department of Management Services, Ministry of Finance
    21. Mrs. A. Vaidehi, Director, Ministry of National Integration & Reconciliation

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya