ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වගකීමෙන් සමාජ වෙබ් අඩවිවලට තොරතුරු සපයන්න - සිදුවීම සොයන්න ජනාධිපති කොමිෂමක් පත් කරන්න

    මාර්තු 09, 2018

    මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිටුපස සිටින අන්තවාදී කණ්ඩායම් කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන්නැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    රටේ අන්තර්ජාලය හරහා වේගයෙන් බොරු ප්‍රචාරය වෙනවා. සාමජ මාධ්‍ය හරහා ඕන දෙයක් කියන්න පුළුවන්.  මේ සමජ මාධ්‍ය වහන්න සිදු වුණා. බොරු ප්‍රචාර නැවතුණා. අද වෙනකොට සමතයකට පත්වෙමින් තිබෙනවා.

    සිද්ධිය පිටුපස සිටින අන්තවාදී කණ්ඩයම් කවුද කියලා සොයන්න අවශ්‍යයි. ස්වාධීනව මේ ගැන සොය බලන්න ජනාධිපති කොමිෂමක් පත් කරන්න. මේ සිද්ධිවල අනුබල දෙන අන්තවාදි කණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ
    කොහොමද කියලා කොමිෂමෙන් සොයා බලන්න ඕන. වගකීමෙන් සමාජ වෙබ් අඩවිවලට තොරතුරු සැපයිය යුතුයි. සාමාන්‍ය ජනතාවට සාධාරණ බයක් ඇතිවෙලා තිබෙනවා. අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව තදින් නීතිය
    ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි සිදුවීම් ඇතිවීම නතර කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya