ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රට ගැන නොසිතා බලය ගැන පමණක් සිතන දේශපාලනඥයින් ජනතාව විසින් හඳුනාගතයුතුයි - ජනපති

    මාර්තු 20, 2018

    දේශපාලන බලය ලබාගැනීම උදෙසා ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් සිටින අතර, එහිදී රටේ ප‍්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ යාපනය, ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට  ඊයේ (19) පෙරවරුවේ එක්වෙමිනි.

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප‍්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව පැවසූ ජනාධිපතිතුමා, කෙතරම් විරුද්ධ දේශපාලන බලවේග පැමිණිය ද ඉදිරියේදී ද එම ප‍්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව අවධාරණය කළේය.

    රටේ ප‍්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    අද පෙරවරුවේ යාපනය, ශාන්ත පැටි‍්‍රක් පෞද්ගලික විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරින් 197 දෙනෙකුට ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ රටක ප‍්‍රශ්න විසඳාගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබාදිම බවයි.

    උගතුන් වැඩිවීමත් සමග රටක ප‍්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවලද ප‍්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිස එය කිසිදු අවස්ථාවක සීමා කිරීමට කටයුතු නොකරන අතර නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති තුළද කටයුතු කිරීමේ වගකීම ඉටුකරන බව පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජයේ නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා සැලසුම් තුළ උපාධිධාරින්ට රැකියා නොමැතිව උද්ඝෝෂණය කිරීමට සිදුවන ක‍්‍රමය වෙනස්කර තිබෙන බව ද කියා සිටියේය.

    තාක්ෂණ විෂයන් සහිත උපාධිධාරින්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් අද උදා වී තිබෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලාංකික උපාධිධාරින් යොමු කිරීම සඳහා තමා පසුගියදා සිදුකළ ජපාන සංචාරයේදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් ඥානප‍්‍රගාසම් හිමිපාණන් ප‍්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර උතුරු පළාත් ප‍්‍රධාන සංඝ නායක, යාපනය ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මිගහජදුරේ ඥානරත්න ස්වාමින් වහන්සේ අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව විසින් සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයට ද ජනාධිපතිතුමා එක් විය.

    ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානෝත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2018-03-19)

    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙවිපිහිටයි. ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මම සතියක කාලයක් විදේශ නිල සංචාරවල යෙදී සිට ලංකාවට පැමිණියේ ඊයේ. මා රටේ සිටියේ නැති නිසා මා කළ යුතු රාජකාරී රාශියක් ගොඩගැසී තිබෙනවා. එහෙත් මේ විද්‍යාලයේ උත්සවයට මට ආරාධනා කළ බව අමතක කළ නොහැකියි. ඒ නිසා ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේගෙන් ඒ ගැන මම විමසීමක් කළා. එතුමා එම අවස්ථාවේදී සඳහන් කළා, යාපනයේ බිෂොප්තුමාත් විද්‍යාලයේ පූජකතුමන්ලාත්, දරුවනුත් මගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා කියලා. කොතෙක් මා අවිවේකී වූවත් දරුවන්ට මෙන්ම උතුරේ ජනතාවට තිබෙන ගෞරවය සහ ආදරය නිසා අද මෙහි පැමිණි බව සඳහන් කරන්නට ඕන.

    මා මිත‍්‍ර විපක්ෂ නායක ආර්. සම්බන්දන් මැතිතුමා එතුමාගේ කතාවේදී සඳහන් කළා, උතුරේ ජනතාව මා හට ලබා දුන් සහයෝගය පිළිබඳව. ඒ දුන් සහයෝගය මගේ හිතේ තිබෙන නිසා ඊට කළගුණ සැලකීමක් ලෙස මා උතුරේ සියලු වැඩ කටයුතුවලට සහභාගි වෙනවා. අපිට විවිධ දේශපාලන, ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න රාශියක් මේ රටේ තිබෙනවා. ඒ තිබෙන ප‍්‍රශ්න අප විසින් විසඳා ගත යුතු වෙනවා. ඉන් එහා ගිය තවත් වගකීමක් සහ යුතුකමක් අපට තිබෙනවා. ඒ, සියලු දෙනාගේ මනුෂ්‍යත්වය තුළ තිබෙන බැඳීම. මිනිසුන්ට ආදරය කිරීමත්, සෙනෙහබරවීමත් මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමත් මිනිසුන් තුළ තිබිය යුතු ප‍්‍රධාන ප‍්‍රතිපත්තියක්, වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඒ ප‍්‍රතිපත්තියේ මා පිහිටා ඇති නිසයි මෙවැනි වැදගත් අවස්ථාවකට මම සහභාගි වෙන්නේ. මේ විද්‍යාලයේ දෙදහකට ආසන්න සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බව මා දැනගත්තා. අද අපි තාක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කළා. මේ ගොඩනැගිල්ල සාදා ඇත්තේ ආදිශිෂ්‍යයින්ගේ ආධාර, උදව්වලින් බව මා දැනගත්තා. මම එම ආදිශිෂ්‍යයින්ට මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා. එම උතුම් පරිත්‍යාගය කරලා මේ දරුවන්ට තාක්ෂණික මධ්‍යස්ථානය ඉදිකර දීම පිළිබඳව. එවැනි උදව් කළ හැකි ආදී ශිෂ්‍යයින් විශාල පිරිසක් මේ රට තුළත් විදේශවලත් සිටීම ඔබේ විද්‍යාලයට ඉමහත් ගෞරවයක් ලෙසයි මා සලකන්නේ.

    ලංකාවේ බොහෝ නාගරික පාසැල්වල ඉතාමත් ශක්තිමත් ආදිශිෂ්‍ය සංවිධාන තිබෙනවා. මේ විද්‍යාලය අවුරුදු සියකට වඩා පැරණි විද්‍යාලයක්. මෙහි කතා කළ කථිකයින් ප‍්‍රකාශ කළා, මේ විද්‍යාලයේ සිංහල සිසුන් පවා අධ්‍යාපනය ලැබූ බව. මීට අවුරුදු හතළිහකට පනහකට පෙර උතුරේ, යාපනයේ විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ සිංහල සිසුන් විශාල සංඛ්‍යාවක් සිටි බව මම දන්නවා. පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කේ.බී. රත්නායක මැතිතුමා අනුරාධපුරය දිස්ත‍්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. එතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ යාපනයේ පාසැලක බව මා දන්නවා. පාසැලක් යනු, අධ්‍යාපනය ලබා දෙන තැනක්. භාෂාව, ආගම හෝ වෙනත් භේදයකින් තොරවයි අධ්‍යාපනය ලබා දෙන්නේ. අධ්‍යාපනය ලබා දෙන සිසුන් සඳහා කිසිදු භේදයක් නැහැ. එය අධ්‍යාපනය පිළිබ`දව මූලික සිද්ධාන්තයක් සහ ප‍්‍රතිපත්තියක්. මේ පාසැලෙන් බිහිවූ සිසුන් අප රට තුළ මෙන්ම විදේශයන්හි විශිෂ්ටයින් විදියට විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන බවට මා විශ්වාස කරනවා.

    ලෝකයේ ඕනෑම රටක තිබෙන ප‍්‍රශ්න විසඳා ගැනීමට වැදගත් වෙන්නේ ඒ රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. අධ්‍යාපනය ලබන්න ලබන්න උගතුන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ රටවල්වල ප‍්‍රශ්න අඩු වෙනවා. උගතුන් වැඩිවන විට රටවල ප‍්‍රශ්න අඩුවෙනවා. ඕනෑම රටක ආර්ථික, දේශපාලන සහ වෙනත් ප‍්‍රශ්න වැඩිවීමට හේතුවක් වන්නේ උගතුන් අඩුවීමයි. රටක ජාතියක අනාගතය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කළ යුතු ප‍්‍රධාන වගකීමක් වන්නේ දෙයක් වන්නේ ජනතාවට අධ්‍යාපනය, දැනුම ලබාදීමයි. මෙය රජයේ පාසලක් නොවේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අධ්‍යාපනය සඳහා මෙන්ම අනෙකුත් ඕනෑම විෂයක් සඳහා තරගකාරීත්වයක් තිබිය යුතුයි. ඒ තරගකාරීත්වය තුළ වැඩි වාසිය ලැබෙන්නේ දරුවන්ට. එය සමාජයට ඉතාමක් හොඳ දෙයක්. රජයට අයත් පාසල්වල නිදහස් අධ්‍යාපනය තිබෙනවා. රජයෙන් උදව් උපකාර ලැබෙන පෞද්ගලික පාසල් තියෙනවා. අපේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන හෝ සියලු දේවල්වලට උදව් කරන එක.
    මේ පාසලට පිහිනුම් තටාකයක් නැහැ කියලා විදුහල්පති පියතුමන්ගෙන් මම දැනගත්තා. එතුමා මට ඒක කිව්වේ නැහැ. මැල්කම් කාදිනල් රංජිත් පියතුමා තමයි කිව්වේ මෙහෙම අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ සඳහා මම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය සැලැස්ම සහ ඇස්තමේන්තුව මට එවන්න. අපි අධ්‍යාපනය සඳහා සැමවිටම ප‍්‍රමුඛත්වය දිය යුතුයි. ඔබ මාධ්‍ය තුළින් දකින්නට ඇති මම මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ පැවති සමු`එවකට සහභාගී වුණා. ඊට රටවල් 47 ක් පැමිණ සිටියා. සියලු දෙනාම රාජ්‍ය නායකයින්. ඒ අය සමග මා සුහදව කතා කළා. ඒ ඒ රටවල සහ අපේ රටේ අධ්‍යාපනය ගැන අපි සාකච්ඡා කළා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා රජය නොමිළයේ අධ්‍යාපනය ලබාදෙන බව මා පෙන්වා දුන්නා. සමහර රටවල නායකයෝ කිව්වා එයාලගේ රටේ අවුරුදු 04 වෙනකම් නොමිළයේ අධ්‍යාපනය දෙනවා කියලා. සමහර අය කිව්වා අවුරුදු 08 වෙනකම් නිදහස් අධ්‍යාපනය දෙනවා කියලා. සමහර අය කිව්වා අවුරුදු 15 වෙනකම් නිදහස් අධ්‍යාපනය දෙනවා කියලා. බොහෝ රටවල් වල අය කිව්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නම් නොමිළේ දෙන්නෙම නැහැයි කියලා.
    චීනය කියන්නේ දියුණුම රටක්. චීනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කිසිම ශිෂ්‍යයෙකුට නොමිළයේ ලබා දෙන්නේ නැහැ. අපේ රටේ මොනතරම් සේවාවන් ජනතාවට සපයනවාද. රජය නිදහස් අධ්‍යාපනය නොමිළයේ ලබා දෙනවා. සෞඛ්‍ය සේවය නොමිලයේ දෙනවා. දුප්පත් ජනතාවට සහනාධාර දෙනවා. රජය පාඩු ලබමින් ජනතාවට සේවය සපයනවා. ලෝකයේ බොහෝ රටවල් දියුණුවෙලා තියෙන්නේ අපි දෙන විදියට බොහෝ දේවල් නොමිළයේ දෙන්නේ නැති නිසයි. නමුත් එහෙමු වුණා කියලා අපි නොමිලයේ දෙන කිසි දෙයක් පාලනය කරන්නේ නැහැ. ඉදිරියටත් දෙනවා. අධ්‍යාපනය ලබාදීමේදී අපේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා නව අධ්‍යාපන ප‍්‍රතිපත්තීන් තුළ කටයුතු කිරීමට. අද මෙහිදී රැුකියා විරහිත උපාධිධාරීන් 197 කට නව පත්වීම් දෙනවා. ඔවුන් පළමු වසර පුහුණුවීම් සඳහා බඳවා ගන්නවා. ඒ වසරෙන් පසු ඔවුන් රාජ්‍ය සේවයේ ස්ථීර නිලධාරීන් බවට පත්වෙනවා. අද රටේ විශාල පිරිසක් සිටිනවා උපාධි ලබා රැුකියා විරහිතව. ඔවුන් බොහෝ වේලාවට රැුකියා ඉල්ලා උද්ඝෝෂණ, විරෝධතා කරනවා. ඒ අයට එහෙම කරන්න සිදුවුණේ එයාලගේ වැරැද්දක් නිසා නෙවෙයි. ඒකට හේතුව අධ්‍යාපන ක‍්‍රමයේ වැරැද්ද. අධ්‍යාපන ප‍්‍රතිපත්තිවල වැරැුද්ද. අපි දැන් රජය විදියට ඒවා නිවැරදි කරගෙන යනවා. නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා සැලසුම් මගින් රැකියා විරහිතව උපාධිධාරීන්ට උද්ඝෝෂණ කරන්න වෙන තත්ත්වය අපි වෙනස් කරනවා. මම පසුගිය සතියේ ඉන්දියාවට ගිහින් පසුව ජපානයට ගියා. ජපාන අග‍්‍රාමාත්‍යවරයා සමග මම සුහද සාකච්ඡාවල යෙදුණා. ඒ සාකච්ඡුාවේදී අපේ උපාධිධාරීන්ට ජපානයේ හොඳ රැකියා අවස්ථා තිබෙන බව දැනගත්තා.

    අද ජපානය මුහුණදීලා තිබෙන ප‍්‍රශ්නය තමයි ඒ රටේ වෘත්තීන් ස`දහා අවශ්‍ය පිරිස අඩුකම. ඔවුන්ට අවශ්‍ය වන්නේ ප‍්‍රධාන වශයෙන්ම තාක්ෂණික උපාධිධාරීන්. අපේ රටේ තාක්ෂණික විෂයන් ස`දහා උපාධිධාරීන් ඉන්නවා නම් ඔවුන්ට ජපානයේ හො`ද රැුකියා තිබෙනවා. මම ඒ ගැනත් සාකච්ඡුා කළා. ඒ නිසා අපේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සකස් කිරීමේදී තාක්ෂණික විෂයන් මෙන්ම විද්‍යාත්මක විෂයන් සමග වෘත්තීය පුහුණුව ලැබෙන විෂයන් හැදෑරු මුල්තැන දීම තමයි අපේ ප‍්‍රතිපත්තිය වී තිබෙන්නේ. ඒ නිසා ප‍්‍රාථමික මෙන්ම උසස් අධ්‍යාපනයට යාමේදී සුදුසු ආකාරයට විෂයන් තෝරා ගැනීම කළයුතුයි. ඒ ස`දහා ශිෂ්‍යයින් යොමුකිරීම වැදගත් වෙනවා. මේ අධ්‍යාපනයේ තිබෙන තරගකාරීත්වය අපි තේරුම්ගත යුතුයි. ඒ නිසා මේ පිළිබ`ද සාමුහිකත්වයෙන් කටයුතු කිරීම අවශ්‍යයයි. අපි රජයක් විදියට ඒ දේවල් ඉටුකරනවා.

    විපක්ෂනායකතුමා හා විග්නේෂ්වරන් මහතා මෙහිදී කරුණු කිහිපයක් සඳහන් කළා. ඒ කියපු කරුණු හා කාරණා පිළිබඳ අපි සැමවිටම වගකීමකින් කටයුතු කරනවා. අද අපේ රටේ දේශපාලනයේ ඇතිවී තිබෙන බොහෝ ගැටලු සහගත තත්වයන් ඔබ දන්නවා. රටට ආදරේ කරන දේශපාලනඥයින් කොපමණ ප‍්‍රමාණයක් මේ රටේ සිටිනවාද කියන ප‍්‍රශ්නයක් තිබෙනවා. දේශපාලන බලය ලබාගැනීම ස`දහා තම තමන් විසින් සකස් කරගත්ත පුද්ගලික න්‍යාය පත‍්‍ර අද පවතිනවා. ඒ අයට අවශ්‍ය වන්නේ රටේ ප‍්‍රශ්න විසදන එක නෙමේ. ඒ අයට අවශ්‍ය වන්නේ ජාතික සමගිය ශක්තිමත් කරන එක නෙමේ. ඒ අයගේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ තිබෙන්නේ කුමන ආකාරයෙන් හෝ බලයට ඒම. මේවාට රැවටෙන පිරිසක් ඉන්නවා. රටේ ප‍්‍රශ්න විසදීමට අවංක දේශපාලනඥයින්ගේ එකමුතුවක් අවශ්‍ය වෙනවා. මීළගට මේ රටේ කවුද ජනාධිපති වෙන්නේ, අගමැති වෙන්නේ කියන එක නෙමේ ජනතාවට වැදගත් වෙන්නේ. මේ විදියට දීර්ඝ කාලයක් සමහරු කටයුතු කරලා තිබෙනවා. ඉතා සුළු පිරිසක් රටට ආදරෙන් වැඩකරලා තිබෙනවා. මේ සියල්ලෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. රට ගැන ආදරයකින් තොර, බලය ගැන පමණක් හිතන දේශපාලනඥයින් පිළිබඳ ජනතාව දැනුවත් වියයුතුයි. 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාව මට ජය ලබාදුන්නා. ඒ විශ්වාසය මම කඩකරලා නැහැ. ඒ ප‍්‍රතිපත්ති මම වෙනස් කරලා නැහැ. වෙනස් කරන්නෙත් නැහැ. ජනතාව විසින් හඳුනාගත යුතුවෙනවා නිවැරදි දේ කරන්නේ කවුද කියලා. දේශපාලන අවස්ථාවාදීන් කවුද කියලා. ඒ පිළිබඳ අපි මනා අවබෝධයකින් කටයුතු කළයුතුයි. පළාත් පාලන ප‍්‍රධානීන්ගෙන් මම ඉල්ලා සිටිනවා රටට ආදරයක් ඇතිව වැඩ කරන්න කියලා. පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍රවලට නෙමේ වැඩ කළයුත්තේ. හෙට දවසේ රට කොතැනටද යන්නේ කියලා තමයි කටයුතු කළයුත්තේ. අප එයයි විසදාගත යුත්තේ.

    දැන් අද මම එනකොටත් අතුරුදහන් වූවන් පිළිබඳ උද්ඝෝෂණයක් තිබුණා. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවීම පනතකින් සම්මත කරලා අවශ්‍ය කටයුතු කළා. ඒ කාර්යාල මේ වනවිට වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපි ඒ පිළිබඳව අපේ ප‍්‍රතිපත්තිය පැහැදිළි කරලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ මම තවදුරටත් කතා කළයුතු නැහැ.

    ඔබ අපි සෑම කෙනෙක්ම රට වෙනුවෙන් වැඩකරමු. ජාතීන් අතර සමගිය වපුරමු. ගැටුම් වළක්වමු. ඒ සඳහා අපි කැපවෙමු. මේ ආදරණීය දරුවන්ටත් සියලු දෙනාටත් සුබ පතනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya