ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2020 දී මත්ස්‍ය ඇඟිල්ලන් මිලියන 150ක් - මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන පුළුල් කෙරේ

    මාර්තු 20, 2018

    2020 වනවිට මෙම මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනය මිලියන 150 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය අභිජනන මධ්‍යස්ථාන ඉදිකරමින් පවතින අතර 2025 වනවිට මෙක්ට්‍රික් ටොන් 2,56,200ක මත්ස්‍ය අස්වැන්නක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,ධීවර අමාත්‍යවරයා වෙනුවෙන් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා විසින් ප්‍රශ්න යොමු කර තිබුණි.


    මත්ස්‍ය වගාව සඳහා පොකුණු සැකසීම සඳහා මේ වනවිට ඉඩම් හඳුනාගෙන ඇත. එවැනි ඉඩම් හඳුනාගෙන එහි මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කෙරේ. වයඹ පළාත් තුළ මිරිදිය ධීවර කර්මාන්තයට සුදුසු බවට තාක්ෂණිකව
    හඳුනාගත් ස්ථානවල මිරිදිය දීවර කර්මාන්තය දැනටමත් ආරම්භ කර තිබේ.

    සියලු ජලාශ සඳහා අවශ්‍ය වගා පාදක ධීවර කර්මාන්ත සංවර්ධනය කිරීමට අවශ්‍ය මත්ස්‍ය ඇඟිල්ලන් ප්‍රමාණය මිලියන 300ක් වන අතර දැනට මිලියන 82ක් පමණ නිෂ්පාදනය කරනු ලැබේ. 2020 වනවිට මෙම මත්ස්‍ය
    ඇඟිල්ලන් නිෂ්පාදනය මිලියන 150 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය අභිජනන මධ්‍යස්ථාන ඉදිකරමින් පවතින අතර දැනට පවතින අභිජනනන් මධ්‍යස්ථාන පුළුල් කරමින් පවතී.

    ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළ මිරිදිය ඉස්සන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කල්අරාව අභිජනනන මධ්‍යස්ථානයක් හා උඩවලව නව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ.

    තවද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව ජලජීවී වගා සංවර්ධන අභිජනන මධ්‍යස්ථනයක් සේවන පිටියේ ඉදිවෙමින් පවතී. කලාවැව, ඉඟිනියාගල, උඩවලව යන දැනට ක්‍රියාත්මකව පවතින ජලජීවීවගා අභිජනන මධ්‍යස්ථාන පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ.

    වෙරළාසන්න ප්‍රදේශවල ජලජීවී වගාව ව්‍යාප්ත කිරීම සඳහා මඩකළපුව දිස්ත්‍රික්කයේ කරදිය මසුන් අභිජනන මධ්‍යස්ථානයක් ඉදි කර තිබෙනවා. පසුගිය වසර තුන තුළ අභිජනන මධ්‍යස්ථාන පුළුල් කිරීමට  හා සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 1494.29ක් යොදවා ඇති අතර මේ වසරේ මිලියන 1015ක් යොදවා තිබේ.

    2020 වනවිට මත්ස්‍ය පැටව් මිලියන 150ක් තැම්පත් කර 2025 වනවිට තවත් මිලියන 150 බැගින් පෞද්ගලික අංශයත් සම්බන්ධ කර ගනිමින් සියලු ජලාශවල මත්ස්‍ය පැටව් තැම්පත් කර වසර 2025 වනවිට මෙක්ට්‍රික් ටොන් 2,56,200ක මත්ස්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පිළිතුර සඳහන් කරමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya