ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනවරි 08 ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට නම් විශ්වාසභංගය පරාජය කළ යුතුයි

    අප්‍රේල් 04, 2018

    ලැබූ ජයග්‍රහන සියල්ල ආපසු හැරවීමට විශ්වාසභංගය ගෙනැවිත් තිබෙන බවත් ජනවරි 08 ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට නම් විශ්වාසභංගය පරාජය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

    මන්ත්‍රීවරයා අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව විවාදයට අඳහස් දක්වමින් මේ බව පැවසීය

    තවදුරටත් අඳහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසී ය.

    ආණ්ඩුවේ ප්‍රධානීයා වන්නේ ජනාධිපතිතුමා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මෙය මුළු ආණ්ඩුවට විරුද්ධව ගෙනා යෝජනාවක්.පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් අප වෙනසක් කළා. අද
    කතාකිරීමේ නිදහස තිබෙනවා. සුදු වෑන් එන්නේ නෑ. තොරතුරු ලබාගැනීමේ වැදගත් පනතක් සම්මත කළා. අද නිදහස් වාතාවරණයක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රමාණවත් පරිදි ඉදිරියට ගොස් තිබෙනවාද කියලා බලන්න ඕන. ආණ්ඩුවට පැහැදිළි දිශානතියක් අවශ්‍යයි. ලැබූ ජයග්‍රහන සියල්ල ආපසු හැරවීමට විශ්වාසභංගය ගෙනැල්ලා තිබෙන්නේ. ජනවරි 08 ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට නම් මෙම විශ්වාසභංගය පරාජය කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya