ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ හඳුන්වා දෙයි- විනීත රියදුරන් බිහිකිරීම අරමුණයි

    අප්‍රේල් 05, 2018

    මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණි. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

    විවදයේ අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසි ය

    වැරදි 33 සඳහා නව දඬ අයකිරීම නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පත් කළ කමිටුවේ නිර්දේශ අනුව දඬ මුදල් 33ක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

    බලාපොරොත්තු වන්නේ විනයගරුක රියදුරන් බිහිකිරීමටයි. ජනතාවගේ ජීවිත ආරක්ෂ කිරීමටයි. ඒ අනුව ස්ථානීය දඬය රුපියල් 500 සිට 3,000ක උපරිමයකට දඬ මුදල නියම කෙරෙනවා.

    මෝටර් වාහන පනත යටතේ නියෝග යටතේ ත්‍රීවීල් රථය වෙනුවට රෝද හතරේ නව රථයක් හඳුන්වාදීමට කටයුතු කෙරෙන අතර එය රථවාහන නීතියට ඇතුළත් කිරීමට මෙමඟින් සිදු කෙරෙනවා. එමෙන් ම මෙම නව
    රථය අධිවේගී මාර්ගවලට ඇතුළ් කිරීම වළක්වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කෙරෙන බවද ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya