ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තේ නාමයට කැළලක් - තේවලට සීනි කලවම් කිරීම් නැවැත්වීමට දැඩි ලෙස කටයුතු කරනවා- වැවිලි ඇමති

    අප්‍රේල් 06, 2018

    තේවලට සීනි කලවම් කිරීමේ සිදුවීම් නැවැත්වීමට දැඩි ලෙස කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    තේවලට සීනි කලවම් කිරීම විශාල ගැටළුවක් බවත් එයින් ශ්‍රී ලංකාවේ තේ නාමයට විශාල කැළලක් බවත් කී අමාත්‍යවරයා,පුද්ගලික තේ කර්මාන්තශාලා අසූවක්,තේ මණ්ඩලය මදිහත්වීමෙන් හදිසි පරික්ෂා කිරීමට කටයුතු
    කළ බවද පැවසීය.

    එමෙන් ම තේ කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා සිදු කළ බවත් තේ වල සීනි පවතී ද, නැති නම් ස්වාභාවිකව ඇතිවන දෙයක් ද යන්න පරික්ෂා කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය. රබර් මිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා විමසූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක රබර් මිල මත මිල තීරණය කෙරෙන බවත් ස්ථාවර මිලක් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya