ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ලන්ඩන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් හමුවෙයි

    අප්‍රේල් 18, 2018

    සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා ලන්ඩන් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අමතමින් පවසයි.

    එබැවින් මාතෘ භූමියේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රට ගොඩනැගීමේ ගමනට සහය වන්නැයි ද ජනාධිපතිතුමා ඔවුන්ට ඇරයුම් කළේය.

    පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ලන්ඩන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ඔවුන් අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    විද්වතුන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව පිළිගනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි තොරතුරු රටේ ජනතාව අතරට ගලා නොයන බවයි.

    ඇතැම් මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි පටු දේශපාලන අරමුණු සහ වාණිජ අරමුණු උදෙසා සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට උත්සාහ දැරීම එයට ප‍්‍රමුඛ හේතුවක් වී තිබෙන අතර රටේ සියලු ක්ෂේත‍්‍රවලට වත්මන් රජය යටතේ හිමිව ඇති නිදහස ඔවුන් නිසි අයුරින් අවබෝධ කර ගෙන නොමැති බව ද සඳහන් කළේය.

    පසුගිය වසර 03 පුරාවට තම ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් ඉටුකළ හැකි උපරිම වගකීම් ඉටුකිරීමට රජය කැපවූ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රට තුළ සහජීවනය සහ සංහිඳියාව ස්ථාපිත කර රටට ලැබුණු සාමය ස්ථීර සාර සාමයක් බවට පත්කිරීම එහි ප‍්‍රමුඛ කාර්යයක් බව කියා සිටියේය.

    එමෙන්ම රට සංවර්ධනය කරා ගෙනයමින් රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා දියත් කළ ආර්ථික සැලසුම් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගෙන ඇති අතර, මාතෘභූමියට එරෙහි වූ ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරමින් ජාත්‍යන්තර වශයෙන් පසුගිය වසර 03 තුළ ලබාගත් ජයග‍්‍රහණ ද සුවිශේෂී බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya