ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර සහීරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ...

    අප්‍රේල් 28, 2018

    අනුරාධපුර සහීරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (27) පෙරවරුවේ සිදුවිය. 

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා විද්‍යාලයීය සිසු දරුවන් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

     සමරු ඵලකය නිරාවරණය කර තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරතවෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය.

     විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කෝසල ජයරත්න සිසුවා විසින් රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැයකරමින් මෙම නව පංතිකාමර ගොඩනැගිල්ලට ඇතුළත් කරන ලද, ස්මාර්ට් පංතිකාමරය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

     ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ පැළයක් ද රෝපණය කෙරිණි.

     එමෙන්ම විද්‍යාලයේ පනස් වසරක ඉතිහාසය තුළ සේවය කළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇගයීමට ලක්කෙරුණු අතර, විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයාට සහ පළමු ගුරුවරයා වෙත තිළිණ ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

     අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්. දුමින්ද දිසානායක, චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, යන මහත්වරුන්  ඇතුථ ආරාධිත පිරිසක්ද, විදුහල්පති ඒ.එම් ජාෆර් මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya