ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ...

    අප්‍රේල් 29, 2018

    ශ්‍රී.බු.ව 2562 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (28) පස්වරුවේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

    රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිති කරගනිමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

     කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය සදහා අරමුදල් ප්‍රදානය සංකේතවත් කරමින් ලිපි පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

     මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමාගේ අනුග්‍රාහකත්වයෙන් දිස්ති්‍රක්කයේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදු කෙරුණු අතර එම අවස්ථාව සංකෙත්වත් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

     බිංගිරිය දේවගිරි රාජමහා විහාරාධිපති සත්කෝරළ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලගනේ අත්ථදස්සී නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

     මේ අතර බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ අභිනව පිවිසුම් දොරටුව අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

     

    ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුථ මැති ඇමතිවරුන් සහ සැදැහැවත් බෞද්ධ ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

     

    vesaae

    vesa samaru

    vesaa22

    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya