ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුවේදී පිළිගැනීමෙන් අනතුරුව කතානායක, පාර්ලිමේන්තු මහලේකම් සහ වේත්‍රධාරීන් විසින් ජනාධිපතිතුමා ප්‍රධාන දොරටුවෙන් පාර්ලිමේන්තු සභාගර්භයට සම්ප්‍රාප්ත විය.
කතානායකතුමා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව වෙත රැගෙන එන ලද අතර එහිදී පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාද එක් කළාය. සභාගර්භයට සැපත් වූ ජනාධිපතිතුමා ඉන් අනතුරුව ජනාධිපතිතුමා මූලාශනයේ අසුන් ගැනීම සිදු විය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමු රැස්වීමේ කටයුතු ආරම්භ විය.



















