ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල නව රණවිරු ස්මාරකය ජනපති අතින් විවෘත කෙරේ

    මැයි 11, 2018

    කුරුණෑගල - දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී ඉවත්කෙරුණු කුරුණෑගල රණවිරු ස්මාරකය වෙනුවට ඉදිකෙරුණු නව ස්මාරකය අද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය.

    වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති භූමියේම ඉදිකර තිබෙන මෙම ස්මාරකයේ සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය
    විසින් සිදු කර තිබේ.

    රණවිරු අභිමානය සුරැුකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා ආකර්ශණීය සහ වයඹ පළාතේ දිවිදුන් සියලූ රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පිරිපුන් ස්මාරකයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල
    රුපියල් මිලියන 27 කි.

    ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉඩ ලබාගැනීමේ ප‍්‍රමුඛ අවශ්‍යතාවය මත මෙම රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සිදුවුව ද රජය විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිඳ හෙළන්නට
    පටන්ගෙන ඇති බව සදහන් කරමින් එයට දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට යම් පිරිසක් උත්සාහ කළ අයුරු පසුගිය සමයේ දක්නට ලැබුණි.

    එමෙන්ම මීට විරෝධය පළ කරමින් එම ස්ථානයේ උද්ඝෝෂණ කිහිපයක් පවා පැවැත්වුණු අතර 2016 වසරේ අගෝස්තු 31 වන දින උත්සවයක් සදහා සහභාගීවීමට කුරුණෑගලට පැමිණි ජනාධිපතිතුමා මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම වඩාත් නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ ඉදිකරන බවට ලබාදුන් පොරොන්දුව මත මෙම රණවිරු ස්මාරකය ඉදිකිරීම සදහා 2016 නොවැම්බර් 30 වනදා මුල්ගල් තැබිණි. මෙම මාසයට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් මාසයට සමගාමීව හෙට නව රණවිරු ස්මාරකය ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය.


    ජනාධිපති මාධ්‍ය අංශය
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya