ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් මඟීන්ගේ පැමිණීම ඉහළට - ගුවන් මඟීන්ට හිරිහැර කරන තැරැව්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි

    මැයි 11, 2018

    ගුවන්තොටුපලට පැමිණෙන මඟින්ට හිරිහැර වන ලෙස කටයුතු කරන තැරැව්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එසේ වරදකරුවෙකු වන පුද්ගලයෙකුට රුපියල් 25000ක දඬයක් හෝ බන්ධනාගාරගත කිරීමක් නියම කෙරෙන නීතියක් ගෙන එන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  විසින් සිවිල් ගුවන් සේවා ( සංශෝධන ) පනත් කෙටුම්පත  අද (11) විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය

    විවාදයේ මේ පිළිබඳව අඳහස් දැක් වූ අමාත්‍යවරයා,


    විශාල තැරැව්කරුවන් පිරිසක් ගුවන්තොටුපලේ තදබදය ප්‍රයෝජනයට ගෙන ගුවන්තොටුපලට ඇතුළු වෙනවා. විවිධ තැරැව්කාර කටයුතු  කරනවා. මේ නිසා විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා, ගුවන්තොටුපල පරිපාලනයට. මේ සඳහා අවශ්‍ය නිසි නීතියක් නෑ. මෙය නැවැත්වීමට විශේෂ නීතියක් සිවිල් ගුවන්සේවා පනත යටතේ ගේන්න ඕන. 18 වගන්තිය සංශෝධනය  කරලා, බලය පැවරීමක් නොමැතිව යම් අයෙක් මඟියෙකුට තැරැව් කිරීමක් සිදු කරන්නේ නම්  ඒ සොයාගන්නා තැනැත්තා සිරබාරයට ගැනීම කරනු ලැබිය හැකිය. වරදට හසු වන්නේ, බලපෑමක් කරන පිටස්තර පුද්ගලයින් පමණයි. වරදකරුවෙකුට 25000ක දඩයයක් නියම කිරීම  හෝ බන්ධනාගාර ගත කිරීමක් සිදු කළ හැක.

     

    ලංකාවේ ගුවන්තොටුපල සිවිල් ගුවන්සේවා විධිවිධාන අනුව පාලනය වන්නේ. ගැටළුවලට පිළියම් යෙදීමට සංශෝධන ගේන්නේ. කටුනායක  ගුවන්තොටුපලට විශාල මඟීන් සංඛ‍යාවක් පැමිණෙනවා. 2015 මිලියන 8.5ක්. 2016 දී 9.4ක්. 2017 මිලියන 9.9ක් මඟින් පැමිණ තිබෙනවා. ගුවන්තොටුපල තදබදයක් ඇති වී  තිබෙනවා. ගෙන එන භාණ්ඩ ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ගුවන් ගමන් ප්‍රමාණය  10.6%කින් පමණ වැඩි විතිබෙනවා. තදබදය සඳහා තිරසාර විසඳුමක්, දෙවන ගොඩනැගිල්ල සඳහා කටයුතු කළා. නැවත ටෙන්ඩරය ඉදිරිපත් කරනවා. තාවකාලිකව පර්යන්තයක් හදන්න  වැඩකටයුතු කරගෙන යනවා. ජූලි මස 12 ටෙන්ඩරය වසනවා. මේ වසර අවසානයේ දී තදබදයට විසඳුම් ලබාදෙන්න හැකි වෙනවා.

    රත්නමාල ගුවන්තොටුපලේ කොටසක් ගුවන් හමුදාව විසින් පරිහරණය කරනවා. ගුවන් හමුදාව සමඟ දීර්ග සාකච්ඡාවක් කරලා, අක්කර 25ක් පමණ මුදා හැරීමට කැමැත්තක් පළ කර තිබෙනවා. රත්නමාල ගුවන්තොටුපල උසස් අන්දමින් සකස් කර තිබෙනවා.  මේ වනවිට ගුවන්තොටුපල ආදායම් වැඩි වී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya