ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රථම නිර්දේශ වෛද්‍ය පරීක්ෂණාගාරය විවෘත වේ

    ජූලි 16, 2014
    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂි පියවරක් තබමින් නාරාහේන්පිට ලංකා රෝහලේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්දේශ වෛද්‍ය පරීක්ෂණාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණි.
     
    රෝග විනිශ්චය කටයුතු වඩාත් ඉක්මනින් හා නිවැරදිව සිදුකිරීම සඳහා දියුණුතම තාක්ෂණයෙන් සහ නවීනතම උපකරණවලින් සමන්විත මෙම වෛද්‍ය පරීක්ෂණාගාරය කලක සිට මෙරටට පැවති අඩුපාඩුවක් සපුරාලමිනි.
     
    ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු වෛද්‍ය පරීක්ෂණාගාරයක මේ දක්වා කළ නොහැකි පරීක්ෂණ 300ක් පමණ මෙම නව වෛද්‍ය පරීක්ෂණාගාරය තුළ දී සිදුකිරීමට හැකියාව ලැබේ. මේ තුළින් සාම්පල පරීක්ෂාව සඳහා විදේශයන්ට යැවීමේ අවශ්‍යතාව නොමැති වන බැවින් රෝගීන්ට වැයවන විශාල මුදලක් ඉතිරි කරගැනීමට ද හැකිවනු ඇත.
     
    නව වෛද්‍ය පරීක්ෂණාගාරය රක්තවේද, අණුක ජීව විද්‍යා, ක්ෂුද්‍ර ජීව විද්‍යා, ගැලිම් සෛලමිනි, සෛල ප්‍රවේණි විද්‍යා, පටක ව්‍යාධිවේදී, ප්‍රතිශක්ති විද්‍යා, ද්‍රව මූල සෛල විද්‍යා සහ ජීව රසායන විද්‍යා යනාදී අංශ 9කට අධික සංඛ්‍යාවකින් සමන්විත වන අතර මෙම සියලු අංශවල කටයුතු මෙහෙයවනු ලබන්නේ මනා පුහුණුව ලත් වෘත්තිකයන් විසිනි.
     
    එමෙන්ම මෙම නව වෛද්‍ය පරීක්ෂණාගාරයේ තවත් එක් සුවිශේෂත්වයක් වනන්නේ මෙහි සෑම උපකරණයක් හා උපාංගයක් ම දිනපතා පරීක්ෂාවට භාජනය කරනු ලැබීමයි. වෛද්‍ය පරීක්ෂණාගාරයේ කටයුතු ඉහළ ම මට්ටමින් පවත්වාගැනීම සඳහා ඊට පූර්ණ කාලින විශේෂඥ ව්‍යාධිවේදීන් 6දෙනෙකුගේ සේවය ලබා ගැනේ. 
     
    සමරු ඵලකය නිරාවරණය කර නව වෛද්‍ය පරීක්ෂණාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක නිරත විය.
     
    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ලංකා රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විමල් නාරන්ගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE lanka lospital
     
    HE lanka lospital 1
     
    HE lanka lospital 2
     
    HE lanka lospital 3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya