අග්‍රාමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් මෙසේ සුබපැතුම් එක් කළේ ය.
ආනන්ද කුමාරසිරි මැතිතුමා දේශපාලනය තුළ බොහෝ අත්දැකීම් ලබා තිබෙනවා.එතුමා පළාත් සභාව තුළත් උනන්දුවෙන් ක්‍රියා කළා. දැන් එතුමාට පක්ෂයක් නෑ. පාර්ලිමේන්තුවට යටත්ව කටයුතු කළ යුතුව තිබෙනවා. එතුමා ලත් අත්දැකීම් එක්ක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයේ වැඩකටයුතු හොඳින් කරගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහ හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා වෙත සිය ස්තූතිය පළ කළේ ය.



















