ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සූතිකාධාර පනතේ අඩුපාඩු සකස් කිරීමට කටයුතු කර තිබෙනවා

    ජූනි 06, 2018

    කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය හා වේතන විධිමත් කිරීමේ ) ( සංශෝධන ) පනත් කෙටුම්පත සහ සූතිකාධාර (සංශෝධන ) පනත් කෙටුම්පත අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් පනත් කෙටුම්පත්වලට අදාළ විවාදය ආරම්භ කළේ ය.

    විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙසේ අඳහස් දැක්වීය.

    කාර්යාලයීය සේවකයින් පිළිබඳ පනත් කෙටුම්පතත් සමානාත්මතාවය ලැබෙන ලෙස සංශෝධනය කරනවා.  ප්‍රතිලාභ ලබන කාන්තාවන්ගේ යහපත සඳහා මේ සංශෝධන ඉදිරිපත් කරනවා. මෙම සූතිකාධාර ලබදුන්නත් සමානතාවක් ලබුණේ නෑ. යම් යම් ප්‍රතිලාභ වෙනස් ආකාරයටයි ලැබුණේ. මෙම අඩුපාඩු සකස්  කිරීමට හා විෂමතා සකස් කිරීමට කටයුතු සූදානම් කෙරුණා. කාන්තාවන්ට සූතිකාධාර නිවාඩු ලබාදෙන අවස්ථාවේ දී වැටුප් ලබාදිය යුතු වෙනවා. සෑම කාන්තාවක් සඳහා වන අයිතිවාසිකම් ලෙස එම වියදම් එම කාලය තුළ දැරිය යුතු වෙනවා. යම් යම් රක්ෂණ ආවරණ ක්‍රම සකස් කරගෙන තිබෙනවා. රජය විසින් මෙම සේවිකාවන්ට සුදුසු අරමුදලක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. සූතිකාධාර පනතේ අඩුපාඩු සකස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කාන්තාවන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya