ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනපති ප්‍රධානත්වයෙන් ....

    ජූනි 09, 2018

    බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදුවිය.

    බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්මිණි විද්‍යානි ලියනගේ දැරියගේ ආරාධනාව පරිදි අද (08) එම විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය.

    විද්‍යාල පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකයට ද පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දෙනු ලැබීය.

    ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි.

    ශිෂ්‍ය භට වාර්ෂික ඇගයීම් කදවුරේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම වෙත සහතික පත් ප්‍රදානය කිරීම සහ 2018 සමස්ත ලංකා නැටුම් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    නෙත්මිණි විද්‍යානි ලියනගේ දැරියට ද ජනාධිපතිතුමා අතින් තිළිණයක් පිළිගැන්වුණු අතර විදුහල්පති ඩී.එම්. රණතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

    අමාත්‍ය හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී.රැකව, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, හිටපු පාර්ලිමේන්තු මන්තී්‍ර වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර, දිස්ත්‍රික් ලේකම් එන්.බී. පුෂ්පකුමාර, නගරාධිපති නලින් සුරියගේ යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya