ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත සම්මතයි

    ජූනි 20, 2018

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි.

    කාරක සභා අවස්ථාවේ සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැන්වීය.

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

    සයිටම් විද්‍යාපීඨයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා කටයුතු කිරීම පිණිස ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත  ඒ අනුව පාර්ලිමේන්තුවේ දී සංශෝධනය කර ගනු ලැබීය.

    සයිටම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහනය කොට අවසන් වූ පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය අහෝසි වන බවත් ඒ සඳහා සංශෝධන ගෙන එන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපකෂ මහතා  විවාදයේ දී අඳහස් දක්වමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya