ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිල මෙහෙවර ගැන යාපනය දිස්ත්‍රික් නිලධාරින් දැනුවත් කිරීම අද

    ජූලි 02, 2018

    ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේනමහතාගේඋපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරනනිල මෙහෙවර ජනපති ජනතාසේවයේ යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ හමු දෙකක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී අද (02) පැවැත්වෙයි.

    ඒ අනුව එහි පළමු හමුව යාපනය දිස්ත්‍රික් ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීම එදින පෙ.ව. 9.00 ට යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වෙයි. දිස්ත්‍රික් ප්‍රධාන රාජ්‍ය නිලධාරි හමුවපෙ.ව. 11:00 ට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ පොළොන්නරුව, ගාල්ල සහ වව්නියාව දිස්ත්‍රික් වැඩසටහන් ඉතා සාර්ථකව අවසන් විය. නිල මෙහෙවර ජනපති ජනතා සේවය මන්නාරම, මුලතිව්,කිලිනොච්චිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 4 තුළ ප්‍රාදේශීය නිල මෙහෙවර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවත්වා අවසන්ය.


    මෙම අවස්ථාවන් සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අන්ගජන් රාමනාදන් යන මහත්ම මහත්මීහු ඇතුළු යාපනය දිස්ත්‍රික්කය නියෝජන කරන මැති ඇමතිවරු සහභාගි වීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya