ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබාදුන්නේ විධිමත් ක්‍රමයකටයි

    ජූලි 05, 2018

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් සඳහා සහන ලබාදුන්නේ විධිමත් ක්‍රමවේදයක් යටතේ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් 12000කට අධික අභියාචනා ප්‍රමාණයක් ලැබී තිබුණා. ඉන් 1018දෙනෙකු සඳහා ශ්‍රේණිත් ලබාදුන්නා.මේ සඳහා රාජ්‍ය සේව කොමිෂමේ අනුමැතිය ලැබී තිබෙනවා.මෙහි නුසුදුසු කෙනෙකුට ශ්‍රේණි ලබා දී නෑ. යමෙකුට ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව අධිකරණයට යා හැකියි. දරුවන්ගේ අනාගතය අඳුරු නොකර කටයුතු කරන ලෙස ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya