ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික විගණන පනත් කෙටුම්පත විවාදයට - විගණන කොමිෂන් සභාව දෙස බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම මත සිටයි

    ජූලි 05, 2018

    ජාතික විගණන පනත් කෙටුම්පත අද (5) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

    විගණනය අනිවාර්යෙන් ම සිදු කළ යුතු කරුණක්. විගණනය කිරීමේ බලය අතිශය වැදගත් වෙනවා. ජාතික විගණන කොමිෂන් සභාව දෙස බැලිය යුතුතේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පදනම මත සිටයි ''යැයි අග්‍රාමාත්‍ය රනිල්
    වික්‍රමසිංහ මහතා විවාදය ආරම්භ කරමින් පැවසීය.

    ජාතික විගණන පනත ප්‍රමාද වීම ගැන විවිද විවේචන එල්ල වුණා. පත් වූ රජයන් විගණන පනත ඉදිරිපත් කිරීමට කටයුතු කළේ නෑ. වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තොරතුරු දැනගැනීමේ පනතත්වි,ගණන පනතක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. විගණනය පාර්ලිමේන්තුවේ වැදගත් අංගයක් බවට පත් වුණා. කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත් වෙනවා. දත්ත ලබාදීම වැදගත් වෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව බදු ක්‍රියාත්මක වෙන්නට බැහැ.රටේ වියදම පාර්ලිමේන්තුව විසින් අනුමත කරන්න ඕන.

    ජාතික විගණන කොමිෂන් සභාව එකතු කරනු ලැබුවා. මෙම කොමිෂන් සභාවේ බලය ක්‍රියාත්මක වීම පාර්ලිමේන්තුව යටතේ ක්‍රියාත්මක වන්නේ. ජාතික විගණන පනතේ අරමුණ වන්නේ එයයි. පනත් කෙටුම්පත
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු අප්‍රේල් මාසයේ සිට විවිධ යෝජනා, සංශෝධන ලැබුණා. නීතියක් බවට පත් වූ  පසු ක්‍රියාත්මක කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට එය අධීක්ෂණය කළ හැකියි . විගණන වාර්තා ඉදිරිපත් කිරීම
    අත්‍යාවශ්‍ය වෙනවා.පාර්ලිමේන්තුව දැනගත යුතුයි, මනා විගණන මූලධර්ම පදනම් කරගෙන සිදු කරන්න. විගණනය අනිවාර්යෙන් ම සිදු කළ යුතු කරුණක්. විගණනය කිරීමේ බලය අතිශය වැදගත් වෙනවා.


    අපට සතුටු වෙන්න පුළුවන්, 2015 සිට සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයක් ඇති කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ව්‍යුහයක් පවතිනවා. අද නිදහස භුක්තිවිදින්න පුළුවන්. සියලුම ස්වාධීන කොමිෂන් සභා ඇති කර තිබෙනවා.
    විගණන කොමිෂන් සභාවක් තිබෙනවා. මේ නීති සියල්ල ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කරන්න ගෙනා ඒව කියා හඳුන්වන්න පුළුවන්. ජාතික විගණන කොමිෂන් සභාව දෙස බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පදනම මත සිටයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya