ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දෙමහල් දාන ශාලාව හා දෙමහල් ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානය සඟ සතු කොට පූජා කෙරේ

    අගෝස්තු 05, 2018
     
    අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් දාන ශාලාව හා දෙමහල් ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සඟ සතු කොට පූජා කෙරිණි.‍
    අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අංග සම්පූර්ණ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික සැලැස්ම යටතේ රුපියල් මිලියන 213ක වැය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදුකර තිබේ.
    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ උත්සවයේ මුලසුන හෙබ වූ අතර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වර්තමාන මහෝපාධ්‍යාය මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
    ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඥනීස්සර ස්වාමින් වහන්සේ විසින් රචිත ග්‍රන්ථයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
    අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, දුමින්ද දිසානයක, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya