ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනපති උපහාර ....

    අගෝස්තු 21, 2018
     
    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී  ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලද  කලූතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, ඛෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පිරිනැමීමේ විශේෂ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරුමෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ(20) පස්වරුවේ පැවැත්විණි. 
    විහාරස්ථාන කිහිපයක ආධිපත්‍යය හොබවමින් දෙදියවල තිලකසිරි නාහිමියෝ ශාසනික හා සාමාජිය වශයෙන් ඉටු කරන ප්‍රශස්ත සේවය අගයමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී  ධර්ම මහා සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත මෙම ධූරය පිරිනමා තිබේ. 
    අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
    විහාරස්ථානයේ අභිනව ධර්මශාලා මන්දිරය සග සතු කොට පූජා කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි. 
    අනතුරුව ජනාධිපතිතුමා අනු නා හිමි උපහාර උත්සවය සදහා එක්වූ අතර අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම   ජනාධිපතිතුමා අතින් සිදු විය.
    ,අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි අනුනායක, සමරු කලාපය කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය ආර්.එම්. ඩබ්ලිවි. රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
    ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහ්නසේ, කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමිපාණන් වහන්සේ, පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නායක හිමිපාණන් වහන්සේ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහ්නසේ, ජපන් මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සි නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් සහ ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.
    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya