ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යාපනය අර්ධද්වීපය තුළ සාමාන්‍ය ජනතාවට භයෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කර තිබෙනවා

    අගෝස්තු 23, 2018

    යාපනය අර්ධද්වීපය තුළ සාමාන්‍ය ජනතාවට භයෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් දේශපාලන හේතුන් හෝ දේශපාලඥයින්ට සම්බන්ධකම් ඇති බවට හඳුනාගෙන නැත.අපරධ මැඩපැවැත්වීම සඳහා යාපන අර්ධද්වීපය තුළ අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති  අතර යතුරු පැදි මඟින් ජංගම පොලිස් සංචාරක සේවා යොදවා ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවනන්ද මහතා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ''ආවා'' කණ්ඩායම විසින් සිදු කළ ප්‍රචණ්ඩකාරි ක්‍රියා හේතුවෙන් සැකකරුවන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya