ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බොක්කාවල ශ්‍රී ඥානාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කෙරේ

    අගෝස්තු 27, 2018

    මහනුවර, බොක්කාවල, මොරන්කන්ද ශ්‍රී ඥානාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණේ‍යා්ත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (26) පෙරවරුවේ සිදු විය.

     
    ඊයේ පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
     
    අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ප්‍රථම පූජෝපහාරය ද සිදු කළේය.
     
    ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී විහාරාධිපති පූජ්‍ය හිගුල්වෙල ඥානාලෝක නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.
     
    ජනාධිපතිතුමා විසින් ද උන්වහන්සේ වෙත සමරු තිළියක් පිළිගන්වනු ලැබීය.
     
    අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිර්මාණ කටයුතු සදහා දායකවූවන්ට තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya