ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තිරසර දැක්ම පිළිබඳ ජනපති හා විශ්වවිද්‍යාල ප‍්‍රජාව අතර සාකච්ඡා වටයක් ඉදිරියේ දී

    අගෝස්තු 29, 2018

    තිරසර දැක්ම එළිදැක්වීමෙන් පසු එම කතිකාව ඉදිරියට ගෙනයාම පිළිබඳ විද්වත් අදහස් ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාල කේන්ද්‍රකර ගනිමින් විද්වත් සාකච්ඡා මාලාවක් මේ වන විට පැවැත්වෙන අතර වට දෙකකින් සමන්විත සාකච්ඡා මාලාවේ දෙවන වටය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

    කොළඹ විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය හා විවෘත විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට මෙම විද්වත් සාකච්ඡා පවත්වා තිබෙන අතර ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් වීමේ අභියෝගය හමුවේ තිරසර ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී අධ්‍යාපන, ප‍්‍රවාහන, කෘෂිකර්ම, කාර්මීකරණය ආදී අංශවල පවතින අභියෝග පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.

    ශ‍්‍රී ලංකාවේ අනාගත තිරසර දැක්ම කෙසේ විය යුතුදැයි මහජනතාව, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පුළුල් සංවාදයක් ඇති කිරීම මෙම සාකච්ජා තුළින් අපේක්ෂා කෙරේ. මෙම සාකච්ඡා සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරු ද, ජාතික තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් කමිටුවේ ප‍්‍රධානී මහාචාර්ය මොහොන් මුණසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයින් එක්වෙයි.

    එමෙන්ම තිරසර දැක්ම පිළිබඳ සාකච්ඡා මාලාවක් අමාත්‍යාංශ මට්ටමින් එළැඹෙන සතියේ සිට පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

    2015 වසරේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරියේ කළ ප‍්‍රකාශය අනුව 2030 වන විට ශී‍්‍ර ලංකාවට තිරසර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට අවශ්‍ය නායකත්වය මේ වන විට ලබාදෙමින් සිටී.

    ඒ අනුව ජනාධිපතිතුමා විසින් ශ‍්‍රී ලංකාවේ 2030 තිරසර සංවර්ධන දැක්ම පිළිබඳ පළමු කෙටුම්පත සකස් කිරීම සඳහා නොබෙල් සම්මානලාභී ප‍්‍රථම හා එකම ශ‍්‍රී ලාංකිකයා වන මහාචාර්ය මොහාන් මුණසිංහයන්ගේ මූලිකත්වයෙන් කි‍්‍රයාත්මකවන විද්වතුන් සහ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත් කළේය. එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍ර ගණනාවක අතිදක්ෂ විශේෂඥයින් 43 දෙනෙකුගෙන් සමන්විත වූ එම කමිටුව විසින් සකස් කරන ලද තිරසර දැක්ම පිළිබඳ ලේඛනයෙහි පළමු කෙටුම්පත 2018 ජනවාරි මාසයේදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

    ශ‍්‍රී ලංකාවේ මතවාද හා හැකියාවන් පිළිබිඹු කරමින් ඉදිරි වසර 12 තුළ රටේ දිගුකාලීන ආර්ථික, සමාජීය හා පාරිසරික අරමුණු නිශ්චය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම සඳහා වන ප‍්‍රථම ප‍්‍රයත්නය මෙය වන අතර මෙම ලේඛනය පදනම් කරගනිමින් ජාතික කතිකාවක් පැවැත්වීමේ සැබෑ වටිනාකම ද ජනාධිපතිතුමා විසින් හඳුනාගෙන තිබේ.

    2030 තිරසර දැක්ම ලේඛනයේ මුල් කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳව මාස තුනක කාලයක් පුරා පැවති සාකච්ඡාවක් වන ජාතික තිරසර කතිකාව ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා එළිදැක්වුණු අතර මෙම කතිකාව අනුව 2030 දක්වා වූ තිරසර සංවර්ධන ප‍්‍රතිපත්ති සිතියම්ගත කිරීමට සම්මුතිවාදී ජාතික දර්ශනයක් නිර්මාණය කිරීම සඳහා මහජන දායකත්වය සමග සංශෝධනය කරනු ලැබේ.

    මෙම තිරසර දැක්ම තුළින් සමෘධිමත් තරගකාරි සහ දියුණු ආර්ථිකයක් සහිත, හරිත හා සැපදායක පරිසරයකින් යුතු සහ සාමූහික සාමකාමී හා යුක්ති සහගත සමාජයකින් හෙබි තිරසාර, ඉහළ මැදි ආදායම්ලාභී රටක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරයි. එසේම විවිධ අංශයන් තුළ පවත්නා ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමටත් රටක් වශයෙන් දියුණු වීමට අවශ්‍ය මංපෙත් විවර කරගැනීමටත් මෙම තිරසර දැක්මෙන් බලාපොරොත්තු වෙයි.

    බලයට පත්වන සෑම රජයක්ම විවිධ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කළත් ඒවා සම්පූර්ණ ජාතික සංවර්ධන සැලසුමකට අනුව දියත් කරන ලද ඒවා නොවේ. සෑම ආණ්ඩුවක්ම මෙවන් සංවර්ධන ලියවිලි සාදා තිබුණත්, කිසිවෙකුට විවේචනය කළ නොහැකි, දේශපාලනයෙන් තොර, තම තමන්ගේ ක්ෂේත‍්‍ර තුළ පිළිගැනීමට ලක් වූ විද්වත් කමිටුවක් විසින් සම්පාදිත පළමු වාර්තාව ද මෙයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya