ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දුම්කොළ හා සෞඛ්‍යය පිළිබඳ 12 වන ආසියානු පැසිෆික් සමුළුවට සහභාගීවන සිසුන්ට ජනපති අතින් ගුවන් ටිකට්පත්

    සැප්තැම්බර් 05, 2018

    දුම්කොළ හා සෞඛ්‍යය පිළිබඳ 12 වන ආසියානු පැසිෆික් සමුළුවට සහභාගි වන රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යය ප‍්‍රවර්ධන අංශයේ සිසුන් හය දෙනා වෙත ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින්  ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    “සෞඛ්‍යයමත් පරම්පරාවක තිරසර සංවර්ධනය සඳහා දුම්කොළ පාලනය” තේමාව යටතේ සමුළුව මෙම සැප්තැම්බර් 13,14 සහ 15 යන දිනයන්හි ඉන්දුනීසියාවේ බාලී නුවරදී පැවැත් වේ.

    රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන අංශයේ එම්. ජී. බී. හර්ෂ මධුශංක, ඩබ්. එම්. අසිංසලා මධුමාලි, පී. කේ. නිමේෂා දුලාන්ජලී, ආර්. එම්. සමන් කුමාර, ඩබ්. එම්. ආර්. ඒ. වන්නිනායක, බී. ඒ. නිලූෂිකා මධුභාෂිණි යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට එක් වෙයි.

    මෙම ශිෂ්‍ය ශීෂ්‍යාවන් වෙත සිය සුබපැතුම් සහ ආශිර්වාදය පළ කළ ජනාධිපතිතුමා ඔවුන්ට තිළිණ ද ප‍්‍රදානය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya