ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ආරක්ෂිත ආවරණයක්

    සැප්තැම්බර් 07, 2018

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අළු හා ගල්කුඩු පරිසරයට මුදාහැරිම වළක්වන ආරක්ෂක ආවරණයේ ඉදිකිරිම් කටයුතු ලබන ජූනි මාසයේදි අවසන් කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය.

    පුත්තලම කල්පිටිය කෘෂිකාර්මික හා ධීවර කර්මාන්ත කරුවන්ගේ වෘත්තීන් හා ජන ජිවිත හා පරිසරය ආරක්ෂා කරමින් ඉදිකරන මෙම ආරක්ෂක ආවරණයට රජය රුපියල් කෝටි හැටකට අධික මුදලක් වැයකරන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

    ආයතන කිහිපයක් එක්ව මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් ලබාගෙන ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා, මාර්ග හා අළු හා ගල්කුඩු මාර්ග සංවර්ධනය සඳහා යොදවා ගැනිම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya