ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත සහ ගුවන් සේවා පනත යටතේ නියෝගය පිළිබඳ විවදය ආරම්භ කරමින් අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
පූර්ව නිගමනවලට පැමිණීම සුදුසු නොවන බවත් කී අමාත්‍යවරයා, පළාලි පමණක් නොව හිඟුරක්ගොඩ කොග්ගල, දිගන, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන්තොටු පළ වැඩි දියුණු කළ යුතු යැයි පැවසී ය.
අභ්‍යන්තර ගුවන්ගමන් සේවා වැඩි දියුණු කළ යුතුයි.රත්මනාලන අක්කර 25ක වඩා ඉඩකඩ සහිත ගුවන්තොටුපලක් බවට පත් කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපලේ දෙවැනි පර්යන්තය සඳහා ජයිකා ආයතනයේ ණය මුදලක් ලැබුණා. එහි ඉදිකිරීම් යම් ප්‍රමාදයක් අති වුවත්, මඟී ධාරිතාව වැඩි නිසා පෙර සවි ගුවන් පර්යන්තයක් හදන්න ටෙන්ඩර් පරිපාටිය අනුව ප්‍රදානය කරන්න කටයුතු කර තිබෙනවා. එය ආරම්භ කරන්න කටයුතු කර තිබෙනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපල ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂිත තාක්ෂණය සහිත ගුවන්තුටුපලක් ලෙස සංවර්ධනය කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පවසී ය.