ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට එළැඹේ

    සැප්තැම්බර් 28, 2018

    ශී‍්‍ර ලංකාවේ සමාජ සංවර්ධනයට ඍජුව බලපාන ක්ෂේත‍්‍රවල ශීඝ්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ අරමුදල සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකා සංචාරයට සමගාමීව  (26)දින පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී සිදු විය.

    ඒ අනුව සමාජ ප‍්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළ ව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ‍්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය ද සහභාගි කරවා ගැනීම මේ තුළින් අපේක්ෂා කරයි.

    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගිත්වයෙන් ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.

    එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍යා රුද්‍රිගෝ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya