ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා ප්‍රමාණයක් දීර්ඝ කිරීමට පියවර

    ඔක්තෝබර් 10, 2018

    අලිමිනිස් ගැටළුවට පිළියමක් ලෙස විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා ප්‍රමාණයක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී අලිමිනිස් ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරය පිළිතුරු ලබාදෙමින් අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 80ක් ද වන අලි 280ක් ද මිය ගොස් ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.කිලෝමීටර 4300ක් වූ විදුලි වැට දුර ප්‍රමාණය කිලෝමීටර 7000 දක්වා දීර්ඝ කිරීමට ක්‍රියා කර ඇත.

    පීඩාකරි වන අලින් පුනරුත්ථාපනය කිරීම සඳහා රැදවුම් මධ්‍යස්ථානයක් හොරව්පොතාන ප්‍රදේශයේ පිහිටුවා  තිබේ. තවත් රැදවුම් මධ්‍යස්ථානයක් ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පිටුවීමට ක්‍රියා කෙරෙන බවද අග්‍රමාත්‍යවරයා 
    පැවසී ය.

    නිකුත් කරනලද අලිවෙඩි ප්‍රමාණය සියයට 50%කින් ඉහළ නංවා ඇත. එමෙන් ම ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක භටයින් 1675ක් අනුයුක්ත කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya