ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

    ඔක්තෝබර් 10, 2018

    දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිතුමා, ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දුන්නේ විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී කිසිදු අවස්ථාවක මූල්‍ය ප‍්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි.

    වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළුව විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

    එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට ද ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත උපදෙස් ලබා දුන්නේ ය.

    අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ සියලු ජනතාව වෙත සිය කනගාටුව පළ කරන ජනාධිපතිතුමා, මරණයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙත ද සිය බලවත් සංවේගය පළ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya