ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දුරකථන සංවාදයක

    නොවැම්බර් 03, 2018

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා  (01) දින පස්වරුවේ විශේෂ දුරකථන සංවාදයකට එක් විය.

    ඉතා මිත‍්‍රශීලි අන්දමින් මෙම දුරකථන සංවාදය පැවැත්වුණු අතර ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදි කරුණු පැහැදිළි කළේ ය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ නව අග‍්‍රාමාත්‍යවරයා පත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමා වෙත හිමි බලතල අනුව බවයි.

    එමෙන් ම සංහිඳියාව සහ ප‍්‍රතිසංධානයට අදාළ කටයුතු නව රජය යටතේ සාර්ථක ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව පැවසූ ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සෑම මොහොතක ම කැපව සිටින බව සඳහන් කළේ ය.

    ශ‍්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන තත්ත්වයට අදාළ ව කිසිදු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් වාර්තා වී නොමැති අතර, දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඇතැම් පිරිස් වැරදි ප‍්‍රචාර ගෙන යමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ ය.

    එමෙන් ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නුදුරේදී ම පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අනතුරුව පවතින සැක සංකා පහව ගොස් ස්ථාවරත්වයක් ඇති වනු ඇති බවයි.

    සෑම අවස්ථාවක ම ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව කටයුතු කිරීම පිළිබඳ මෙහිදී සතුට පළ කළ මහලේකම්වරයා ශ‍්‍රී ලංකාව අඛණ්ඩව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහි`දියා අරමුණු වෙනුවෙන් කැපවීම පිළිබඳව ද සතුට පළ කළහ.

    එමෙන්ම ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එතුමා වෙත සහය ලබාදීමට තමන් ප‍්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya