ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විපක්ෂ නායක ධුරය ගැන සභාවේ විවාදයක්

    දෙසැම්බර් 19, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් සිය මතය පැහැදිළි කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්  සිදු කළේ ය.

    තමන් විපක්ෂ නයකධුරයෙන් ඉවත් නොකොට වෙනත් අයකු එම තනතුරට පත් කළ නොහැකි බවද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා සිය ප්‍රකාශයෙන් පෙන්වා දුන්නේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ල.නි.ප.යෙන් ඉවත්ව පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ඇති බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවත් පෙන්වා දුන් ආර්.සම්බන්ධන් මහතා, තමා කලින් දැරූ විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කිරීමෙන් තොරව මෙම පත් කිරීම සිදු කිරීම සුදුසු නොවන බවද සඳහන් කළේ ය.

    තවදුරටත් අඳහස් දැක් වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, නොබෙදුණු රටක් තුළ එකට ජීවත් විය යුතු බවත් ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවත් සඳහන් කළේ ය.

     මෙහිදී අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙසේ පැවසී ය.

     පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව පුවත් වාර්තා තිබෙනවා.විශේෂ කාරක සභාවක් ඉල්ලනවා මේ ගැන සොයා බලන්න කියලා.

     පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා- කතානායකතුමා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිළිගෙන අවසන්.

    සභානායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ඔබ තුළ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තාද? මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ ගත්තේ නැද්ද?

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා-
    පොහොට්ටුවේ පාක්ෂිකයන් රවටන්න එපා.සාමාජිකත්වය ගන්නවා පින්තූර තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා - අගමැතිවරු දෙන්නෙක් හිටියා. පාර්ලිමේන්තුවේ ඡන්දයක් තිබුණා. දැන් විපක්ෂ නායකවරු දෙන්නෙක් ඉන්නවා කියලා අභියෝගයක් ලක් කළා. මෙය බරපතල ප්‍රශ්නයක්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශූ මාරසිංහ මහතා- පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම උල්ලංඝණය වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya