ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එක් එක් පවුල්වල ජීවන වියදම එකිනෙකට වෙනස්

    ජූලි 24, 2014
    එක් පවුලක් මාසයක් ජීවත්වීම සඳහා කරනු ලබන වියදම් ප්‍රමාණය ඒ පවුලේ සමාජ තත්ත්වය, ජීවන විලාසිතාව, පරිභෝජන රටාව, ස්වයං නිෂ්පාදන පැවතීම හා සමාජ සබඳතා යනාදියෙහි විවිධත්වය මත එකිනෙකට වෙනස් වන බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා  මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    ඒ නිසා මාසයක් ජීවත්වීම සඳහා දෙනු ලබන සංඛ්‍යානමය පොදු අගයන් තුළින් සියලුම ආර්ථික කණ්ඩායම් එනම් දුප්පත්, මධ්‍යම පන්ති හා පොහොසත් සඳහා මාසික ජීවන වියදම නිරූපණය නොවන අතර ඒ ඒ සමාජීය හා ආර්ථික කණ්ඩායම් සඳහා වන ගෘහ කාණ්ඩයක වියදම වෙන වෙනම ගෙන විශ්ලේෂණය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෑතක දී ප්‍රකාශයට පත් කර ඇති 2012/2013 ගෘහ ඒකක ආදායම්/ වියදම් සමීක්ෂණ මූලික වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ එක් පවුලක් මාසයක් තුළ කරනු ලබන භාණ්ඩ හා සේවා පරිභෝජනය වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය නාගරික, ග්‍රාමීය හා වතු ක්ෂේත්‍රවල සාමාන්‍ය අගය ලෙස ගත් විට පුද්ගලයන් 04 දෙනෙකු සිටින පවුලකට නාගරික රුපියල් 59,001ක්, ග්‍රාමීය 37,561ක් හා වතු 29,779ක් මාසිකව වියදම් වන බව ද ඔහු පැවසීය. 

     

    මේ ගෘහ ඒකකයක් සඳහා වූ වියදම් ලබා ගැනීමේදී ආහාර සඳහා, ආහාර නොවන ද්‍රව්‍ය සඳහා සහ ගෘහ ඒකකයේ පදිංචි නේවාසිකයන් හා ගෘහ සේවකයන් විසින් දරන වියදම්ද සලකා බලනු ඇත. රජයේ විවිධ සංවර්ධන වැඩසටහන් හා සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පරිභෝජනයට වඩා පවුල තුළ වත්කම් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන ආයෝජන අවස්ථා නිර්මාණය වේ. වර්තමානයේ දරිද්‍රතාවෙන් මිදීම සඳහා ද එය පිටිවහලක් වනු ඇත. එමඟින් ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කරමින් ජීවන රටාව ද වෙනස් වන බව ඔහු පෙන්වා දුන්නේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya